හයේ ළමා මොඩියුලයේ සමලිංගික දිගුව ආණ්ඩුව තහවුරු කරයි… අපරාධකරු සොයන්න CID යයි…!

December 31, 2025 at 10:07 am | by emanisa.lk

ආණ්ඩුව හඳුන්වා දීමට සූදානම් වන නව විෂය නිර්දේශයට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක දිගුවක් ඇති බවට ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳව සොයා බැලූ අතර එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම චෝදනාවට ලක්වන ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කළ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලය මේ වන විට මුද්‍රණය අවසන් කර ඇත.

එබැවින් එම මොඩියුලය බෙදාහැරීම අත්හිටුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ පිළිබඳව අද දිනයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිලික්ද සිදුකිරීමට අපේක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *