හයේ මොඩියුලයේ තියෙන්නේ යහළුවන් ඇති කර ගන්න ලින්ක් එකක්…!

January 8, 2026 at 4:29 pm | by emanisa.lk

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇත්තේ යහළුවන් ඇතිකර ගැනීම සඳහා ලින්ක් එකක් බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සඳහන් කරයි.

ගැටළුව තිබුණේ අදාළ ලින්ක් එකේ බවත් එය ඉවත් කර එම මොඩියුලයම නැවත පාවිච්චි කර ගැනීමේ හැකියාව ඇති බවද හෙතෙම කියා සිටියි.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගනු ඇති බවද ඔහු පැවසුවේය.

මෙම මොඩියුලයම නිවැරදි කළ නැවත භාවිත කළහොත් අමතර වියදමක් සිදු නොවන බවද හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වරදක් වී ඇත්නම් වියදම නොසලකා එය නිවැරදි කිරීම ආණ්ඩුවේ වගකීම බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *