නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයකට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නිලධාරිනියක වගකීම බාරගෙන තිබේ.
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරන සඳහන් කර ඇත්තේ වෙබ් අඩවියේ නම ඇතුළත් කිරීමේදී එය පරීක්ෂා නොකිරීමේ වගකීම තමන් භාරගත යුතු බවයි.
“නම දානකොට අපිට කියන්න පුළුවන් NIE එක හැටියට ඒ නම ඒ ඇක්ටිවිටි එකේ පාවිච්චි කරන එක ගැන හොයලා බලන්න තිබුණා කියන ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ.”
BBC සමග අදාළ සිදුවීම පිළිබඳ අදහස් පළ කරමින් ඇය මේ බව සඳහන් කර තිබුණාය.