හඳුන්නෙත්ති World Economic Forum ගිහින් වරිගේ නහ ගනී…!

June 29, 2025 at 11:25 am | by emanisa.lk

පසුගිය 24-26 චීනයේ දී පැවති ලෝක ආර්ථික සමුළුවට (World Economic Forum) සහභාගී වෙමින් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍යවල මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.

එහි දී සාකච්ඡාව මෙහෙය වූ නිවේදිකාව ඉංග්‍රීසි භාෂාවෙන් විමසූ ප්‍රශ්නවලට කිසිසේත් අදාළ නොවන පිළිතුරු ඇමති හඳුන්නෙත්ති කොළයක් දෙස බලමින් චකිතයෙන් යුතුව ප්‍රකාශ කරනු දැකගත හැකිය.

එහි දී ඔහු සුනාමිය යනු ස්වාභාවික උවදුරක් නොව මානව ක්‍රියාකාරකම් නිසා ඇති වන්නක් බව ද ප්‍රකාශ කරයි.

රටවල් 90ක් පමණ නියෝජනය කරමින් 1700කට අධික ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, රාජතාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන්, විද්වතුන් එකතු වූ මෙම සමුළුව නියෝජනය සඳහා ප්‍රමාණවත් ඉංග්‍රීසි භාෂා පරිචයක් සහිත නියෝජිතයන් නොයැවීම මෙන්ම තමන්ට හොඳින් අදහස් ප්‍රකාශ කළ හැකි සිංහල භාෂාවෙන් සමුළුව ඇමතීමට කටයුතු නොකිරීම ද සමාජ මාධ්‍යවල විවේචනයට ලක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *