හදිසි නීතිය අවශ්‍ය වන්නේ පොදු ජනතාවගේ ජීවිතයට සුවිශේෂ තර්ජනයක් ව්‍යසනයක් පවතින අවස්ථාවක රටේ දෛනික කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යෑමට රටේ ඇතැම් මූලික අවශ්‍යතා සීමා කිරීමට බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ පිළිබඳ සඳහන් නොවුණද මහජන ආරක්ෂක පනතේ ඒ පිළිබඳ සවිස්තරාත්මකව සඳහන් බවද ඇය පෙන්වාදෙයි.
තම ආණ්ඩුව ජනතා අයිතිවාසිකම් මර්දනය සඳහා හදිසි නීතිය භාවිත නොකරන බවත් හදිසි නීතියේ යහපත් පැත්ත දකින ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බවද කොට්ටහච්චි අවධාරණය කරයි.
අද (06) පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එකතු වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.