පසුගිය වසරේ මිලියන 194ක් වූ ලාභය මේ වසරේ එම කාල පරාසය තුළ මිලියන 539 දක්වා ඉහළ නැංවීමට හැකි වූ බව නෙළුම් කුලුණ කළමනාකරණ ආයතනයේ ප්රධාන විධායක නිලධාරී මහාචාර්ය චමරු ද අල්විස් පවසයි.
එකම කාලයේ එකම ස්ථානයේ ඒ තරම් විශාල වෙනසක් කිරීමට තමන්ට හැකි වූ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
සිය ආයතනය කෙතරම් කාර්යක්ෂම ලෙස සිය ඉලක්ක කරා ගමන් කිරීමට සමත්ව ඇද්දැයි ඉන් තහවුරු වන බව ද චමරු ද අල්විස් ප්රකාශ කරයි.
මේ ගමන ඉදිරියට ගියහොත් මෙම වසර තුළ මිලියන 1000ක ඉලක්කයක් කරා ගමන් කළ හැකි බව ද ඔහු අවධාරණය කරයි.