සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියකු මේ වන විට සිය අමාත්‍යාංශය සතු වාහන සංචිතයේ ඇති සුපිරි ජීප් රථ දෙකක් ඇතුළු වාහන පහක් පරිහරණය කරන බව ආරංචිමාර්ග පවසයි.
මෙම වාහන එම නිලධාරියාගේ පවුලේ දරු මුනුපුරන්ගේ කටයුතුවලට ද මේ වන විට යොදා ගන්නා බව වාර්තා වේ.
මේ වන විට රජයේ වාහන විශාල ප්‍රමාණයක් අයථා ලෙස පරිහරණය කරන බවට පසුගියදා විගණකාධිපතිවරයාද පවසා තිබූ අතර ඔහු සිය විමර්ශන කරුණු මත පවසා තිබුණේ වැඩිම වාහන ප්‍රමාණයක් අතුරුදන්ව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බවයි.
ආරංචිමාර්ග තවදුරටත් පැවැසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සංස්ථාවක ඉහළ නිලධානීයකට ලබාදී ඇති එක් වාහනයක් මේ වන විට රාජ්‍ය බැංකුවක රැකියාව කරන සිය පුතු විසින් පරිහරණය කරන බවටද වාර්තා වී ඇති බවය.
මෙම වාහන භාවිතය පිළිබඳව ඉදිරි දිනවලදී විමර්ශනයකට ලක්වනු ඇති බව එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කළේය.
මව්බිම