සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් ගැටලු හඳුනා ගත් එකම අපේක්ෂකයා දිලිත්…! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…

August 27, 2024 at 7:32 pm | by emanisa.lk

මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන බරපතළම ගැටලුව බුද්ධි ගලනය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පවසයි.

ඒ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (27) සර්වජන බලය ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“අපි ඇත්තට ම ජනාධිපති ධුර අපේක්ෂකයින් 7 දෙනෙක් විතර හමුවුණා. ඔවුන් සමග මේ සාකච්ඡා දීර්ඝව සිදුකළා.

අනෙක් සාකච්ඡා එක්ක ගත්තහම විද්‍යාත්මක වශයෙන් අපි කියන කාරණා ගැන මෙතුමාගේ යම් අධ්‍යයනයක් තියෙනවා.

ඒ කියන්නේ අපි යෝජනා කරන විසඳුම එතුමා විසඳුම විදියට හඳුනාගෙන තිබුණා. ඒක තමා සුවිශේෂීත්වය. ඒක තමා සතුටට කාරණය.”

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (27) සර්වජන ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මුණ ගැසුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *