බැටරියක් සහිත, වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති මගින් නිපදවන විදුලිය සඳහා ගෙවීම් ඉහළ දමන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව එම පද්ධති සමගින් නිපදනවන විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදල රුපියල් 45.80ක් දක්වා වැඩිකර ඇත.
කෙසේවෙතත් බැටරියක් රහිත සූර්ය පැනල පද්ධති සඳහා මෙම ගාස්තු වැඩිකිරීම අදාළ නොවන අතර එහි ඒකකයක මිල රු. 14 දක්වා පහත දැමීමට ද පසුගියදා තීරණය කර තිබිණි.