සෝලා විදුලියට කණකොකා හඬයි… ඒකකයක මිල රු. 14ට බස්සයි….!

June 21, 2025 at 11:21 am | by emanisa.lk

2025 ජුනි 16 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයකට අනුව සූර්ය බලශක්ති (RTSPV) පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබේ.

මෙම තීරණයට අනුව, බලශක්ති අමාත්‍යාංශය විසින් 2025 ජූනි 20 වැනි දිනැති PE/DEV/03/01 දරන ලිපිය මඟින් සංශෝධිත ගාස්තු ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇත.

මෙම නව ගාස්තු 2025 ජුනි 16 දින සිට ක්‍රියාත්මක වේ.
සංශෝධිත ගාස්තු මෙසේය:

0 සිට 5 kW දක්වා: රු. 20.90
5 kW සිට 20 kW දක්වා: රු. 19.61
20 kW සිට 100 kW දක්වා: රු. 17.46
100 kW සිට 500 kW දක්වා: රු. 15.49
500 kW සිට 1 MW ට අඩු: රු. 15.07
1 MW සහ ඊට වැඩි: රු. 14.46

මෙම සංශෝධිත ගාස්තු අදාළ වන්නේ 2025 ජුනි 16 හෝ ඊට පසුව පද්ධති නිෂ්කාශන ගාස්තු ගෙවන සියලුම අයදුම්කරුවන්ටයි. 2025 ජුනි 16 හෝ ඊට පසුව ඉදිරිපත් කරන දීර්ඝ කිරීමේ ඉල්ලීම් සඳහා ද මෙම නව ගාස්තු අදාළ වේ.

කෙසේ වෙතත්, 2025 ජුනි 16 හෝ ඊට පෙර නිෂ්කාශන ගාස්තු ගෙවා ඇති සියලුම ඉල්ලීම් 2025 ජුලි 31 වන විට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඇගයීමට ලක් කර අවසන් කළ යුතුය. නව ගාස්තු යෝජනා ක්‍රමය යටතේ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන් කළ පසු, එම ගාස්තුව වසර 20 ක කාලයක් සඳහා ස්ථාවරව පවතිනු ඇත.

සියලුම පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්/ප්‍රධාන විදුලි ඉංජිනේරුවන්/ප්‍රදේශ විදුලි ඉංජිනේරුවන්ට මෙම චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *