සේවකයන් 1400ක් එක්ක තුල්හිරිය මාස් වසා දැමේ…!

February 21, 2026 at 11:41 am | by emanisa.lk

ඇමරිකානු තීරු බදු ඉහළ නැංවීම නිසා මාස් හෝලිඩිං ආයතනය සතු තුල්හිරිය මෙත්ලිය ඇඟළුම් කම්හල වසා දැමීමට තීරණය කර තිබේ.

සේවක සේවිකාවන් 1400ක් සේවය කළ මෙම ආයතනය පෙබරවාරි 19 වෙනදා සිට වසා දමනු ලැබ ඇත. මෙම සේවකයින්ගෙන් පිරිසක් එම සමාගමේ වෙනත් ශාඛා වෙත බඳවා ගෙන ඇති අතර සෙසු පිරිස වන්දි මුදල් ලබා දී ඉවත්කර ඇත.

මෙම වන්දි මුදලට මාස තුනක වැටුප් සහ අප්‍රේල් මස බෝනස් දීමනාව හිමිය. මේ ආකාරයට ඇඟළුම් කම්හල් වසා දැමීම සහ ඒවා සාපේක්ෂව ඇමරිකානු තීරු බදු අඩු ඉන්දියාව ඇතුළු රටවලට ගෙන යෑම නිසා රටේ විරැකියා අර්බුදය තවත් උග්‍ර වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *