පසුගිය සමයේ ජාතික ජන බලවේගය සමග ඉතා ම සමීපව කටයුතු කළ සමාජ මාධ්‍ය ක්රීයාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ මේ වන විට ආණ්ඩුවට එරෙහිව සිය youtube නාලිකා ඔස්සේ දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටියි.
ජනාධිපති අනුර දිසානායක, ටිල්වින් සිල්වා, විජිත හේරත්, එරංග ගුණසේකර ආදී මාලිමාවේ ප්රබලයන්ට පහර දීමට ඔහු කටයුතු කරමින් ඇති අතර අගමැතිනි හරිනි අමරසූරියට හිතෛෂීභාවයක් පෙන්වමින් තිබේ.
සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ මාලිමාව බලයට පත්වූ පසු තමන්ට ද රාජ්‍යය මාධ්‍ය ආයතනයක ඉහළ තනතුරක් ලැබේ යැයි අපේක්ෂා කළ ද එම බලාරොත්තු සුන් වීම මෙම වෙනසට හේතුව බවයි.
තවත් ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා අනාවරණය කරන්නේ ස්වාධීන රූපවාහිනියේ දීප්ති කුමාර ගුණරත්නගේ පුටුව අපේක්ෂාවෙන් කටයුතු කළ සේපාල් අමරසිංහට එය ලබා නොදීම මෙම විරසකයට හේතුව බවයි.