සේනා අවේ ඉන්දියාවේ සිට සුළඟටයි!

January 28, 2019 at 2:21 am | by admin

සේනා දළඹුවා ඉන්දියාවේ සිට අපේ රටට බීජ මගින් නොව සුළඟ මගින් පැමිණෙන්නට ඇතැයි සැකකරන බව ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ කෘෂි අධ්‍යක්‍ෂ නෙවිල් රාජපක්ෂ මහතා පවසයි.

ඇතැමුන් බීජ මගින් සේනා දළඹුවා මෙරටට පැමිණි බව පැවැසුවත් බීජ ගෙන්වීමේදී අදාළ කාර්යයන් සඳහා සති කිහිපයක් නැවේ සහ රේගුවේ ගතවන බවත් එම කාලය තුළ සේනා දළඹුවාට හෝ දළඹු බිත්තරවලට ජීවයක් පැවැතිය නොහැකි බවත් ඒ මහතා කීය.

සේනා දළඹුවාගේ සළඹ අවස්ථාවේ සුළඟ සමග කිලෝමීටර් 100 කට වැඩි දුරක් ගසාගෙන යෑමට හැකි නිසා මෙම සේනා දළඹුවා ඉන්දියාවේ සිට පැමිණෙන්නට ඇතැයි සැකකරන බව ද ඔහු කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස