සුවසැරිය නම හරි පාට හරි වෙනස් කරන්නේ නෑ… ලොව දියුණු ගිලන් රථ සේවාවක් බවට පත් කරනවා…! – ඇමති නලින්ද ජයතිස්ස….

October 21, 2025 at 2:49 pm | by emanisa.lk

සුවසැරිය සේවාවේ නම, අංකය හෝ වර්ණය වෙනස් කිරීමට ආණ්ඩුව කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

2015 ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය හර්ෂ ද සිල්වා මැදිහත් වී ලබා ගත් මෙම සේවාවේ කොළ පැහැය වෙනස් නොකරන බවට ද ඇමතිවරයා සහතික විය.

කෙසේ වුව ද එම සේවාව නවීන ලෝකයට ගැළපෙන ආකාරයට වැඩි දියුණු කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි ද ඔහු සඳහන්කරයි.

එම කටයුතු සඳහා මෙවර අයවැයෙන් රු. මිලියන පන්දහසක් වෙන්කර ඇතැයි ද ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ සුවසැරිය නිල නාමය, වර්ණය සහ එහ සේවාවේ අරමුණ වෙනස් කිරීමට ආණ්ඩුව තීන්දුවක් ගෙන තිබේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *