2025 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 61 ක දැවැන්ත සුරාබදු ආදායමක් වාර්තා කිරීමට හැකි වූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදයකුමාර පෙරේරා සඳහන් කරයි.
සුරාබදු දෙපාර්තමේන්තුව 2025 වසර සඳහා රුපියල් බිලියන 242 ක ආදායම් ඉලක්කයක් ලබාගැනීමේ අරමුණින් දීපව්‍යාප්තව නව සැලැස්මක් සකස් කළේය.
ඒ අනුව වසරේ පළමු කාර්තුව සඳහා ඉලක්කය රුපියල් බිලියන 42ක් වූ අතර එ අභිබවා යමින් රුපියල් බිලියන 61 ක ආදායමක් ලබා ගැනීමට හැකිවී තිබේ.
මේ වසරේ සුරාබදු ආදායම් ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් නීති විරෝධී මත්පැන් වැටලීම් වැඩි කිරීම සහ හිඟ සුරාබදු අයකර ගැනීමේ කටයුතු ද ක්‍රියාවට නංවා තිබේ.