සුරාබදු නොගෙවූ සමාගම්වලට වැඩ වරදී…. මෙන්ඩිස් ඇතුළු සමාගම් 4ක නිෂ්පාදන අත්හිටුවයි…!

December 3, 2024 at 10:54 am | by emanisa.lk

සුරාබදු ආඥා පනතට අනුව සුරාබදු ගෙවීම් තව දුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමටත් නිෂ්පාදන බලපත්‍ර ඊළඟ වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මෙම වර්ෂයට අදාළ ව මත්පැන් නිෂ්පාදන සමාගම් 23ක් සඳහා නිෂ්පාදන බලපත්‍ර නිකුත් කර ඇති බවය.

සුරාබදු නොගෙවූ සමාගම්වලට හිඟ බදු ගෙවීම සඳහා නොවැම්බර් මස 30 වන දින දක්වා කාලය ලබාදී තිබු අතර සමාගම් තුනක් හැර අනෙක් සියලු සමාගම් මත්පැන් බලපත්‍රවලට අදාළ හිඟ සුරාබදු ගෙවා ඇති බව සඳහන් වේ.

ඒ අනුව බදු නොගෙවූ වැලිසර ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම, කුරුණෑගල රෝයල් සිලෝන් ඩිස්ටලරීස් පුද්ගලික සමාගම සහ මීගොඩ මැකලම් බෘවරි සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවා එම සමාගම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාවලියකට යොමුවීමට නියමිතය.

ඊට අමතරව උතුරු පළාතේ වංකානේ පිහිටි වලිකාමම් මත්පැන් නිෂ්පාදනාගාරයට අදාළ හිග සුරාබදු ගෙවන තෙක් මත්පැන් නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *