සුන්බුන් එකතු කරලා ජන වරමට අභියෝග කරන්න බෑ.. කළොත් බලාගමු….! – ජනපති..

May 16, 2025 at 9:18 am | by emanisa.lk

සුන්බුන් එක­තු­වක් රටේ ජන­ව­ර­මට අභි­යෝග කරන්නේ කෙසේ­දැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රශ්න කර සිටියි.

ජනා­ධි­ප­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (14) කොළඹ විහා­ර­ම­හා­දේවි එළි­ම­හන් රංග පීඨයේ පැවැති ජනතා විමුක්ති පෙර­මුණේ 60 වැනි සංව­ත්ස­ර­යට සහ­භාගි වෙමිණි.

මෙහිදී ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ඇමැති විජිත හේරත් මහ­ත්ව­රුන් සහ එහි සාමා­ජික, සාමා­ජි­කාවෝ රැසක් ද අද­හස් දැක්වූහ. විදෙ­ස්ග­තව සිටින ජනතා විමුක්ති පෙර­මුණේ සාමා­ජික, සාමා­ජි­කාවෝ ද මෙම අව­ස්ථාව සඳහා අන්ත­ර්ජා­ලය හරහා සම්බන්ධ වූහ.

මෙහිදී තව­දු­ර­ටත් ජනා­ධි­ප­ති­ව­රයා මෙසේද පැව­සීය.

“ජන­ව­රම හොඳට තේරුම් ගත යුතුයි. සභා 152ක් අපි ආර­ම්භ­යේ­දීම පිහි­ටු­ව­නවා. ඉතුරු 115 පිහි­ටු­වන දවසේ පිහි­ටු­ව­නවා. එයට අකුල් හෙළන්න, බාධා කරන්න එනවා නම් නීතියේ ඕනෑ තරම් ඉඩ­කඩ තිබෙ­නවා. අපි සෑම­වි­ටම ජන­ව­ර­මට ගරු කර­නවා. ජන­ව­ර­මට එරෙ­හිව කවු­රුන් හෝ කට­යුතු කර­නවා නම් ව්‍යව­ස්ථාව, නීතිය, දේශ­පා­ල­නය මේ සිය­ල්ල­න්ගෙන් අප වැඩ කරන්න ලැහැ­ස්තියි. හදල පුළු­වන් නම් මාස කීප­යක් යන්න. ජන­ව­ර­මට තමයි අප ගරු කරන්නේ. නීති මදි­නම් තුනෙන් දෙකක් තියෙ­නවා.

පළමු කොටම අපි ඇයි මේ ඉති­හා­සය සිහි­පත් කරන්නේ. අපි ආණ්ඩු බලය අත්පත් කර­ගෙන තිබෙ­නවා. එම යට­ගිය ඉති­හා­සය ඇයි අපිට වර්ත­මා­න­යේදී අවශ්‍ය වෙන්නේ. ඇතැම් විට “සහෝ­ද­රයා ඒ ගැන නම් වැඩිය කථා කරන්න එපා” කියා තැන තැන මුමු­න­න්නත් ඉඩ තිබෙ­නවා. බොහෝ දෙනා අපේක්ෂා කර­නවා ඒ ඉති­හා­සය ඉති­හා­ස­යට උරුම කර වර්ත­මා­නය අලුත් පරි­ච්ඡේ­ද­ය­කින් ආරම්භ කරන්න පුළු­වන් වේවි කියා. මම දන්නවා සම­හර කව­යන් ඒ ඉති­හා­සය අම­තක කර­මින් අපිත් එක්ක ඉන්න ලැහැ­ස්තියි. එහෙත් අපට එම ඉති­හා­සය අම­තක කොට අලුත් පරි­ච්ඡේ­ද­යක් අලුත් අනා­ග­ත­යක් නිර්මා­ණය කරන්න හැකි­යා­වක් නොවෙන බව අපි විශ්වාස කර­නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *