සුනඛ වන්ද්‍යාකරණ කටයුතු සඳහා මේ වසරට අදාළව රුපියල් මිලියන 200 ක මුදලක් රජය විසින් වෙන්කර තිබුණ ද මාස හතක් ගතවී ඇතත් මේ වනතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එක සුනඛයෙක්වත් වන්ද්‍යාකරණය කර නොමැති බව සත්ත්ව සුභසාධන සංසදය පවසයි.
රජය ඉකුත් වසර සඳහා සුනඛ වන්ද්‍යාකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් වෙන්කර තිබුණ ද, ප්‍රමාණවත් පරිදි පශු වෛද්‍යවරුන් නොසිටීම ආදී කරුණු නිසා වන්ද්‍යාකරණ කටයුතුවලට යොදා ගෙන ඇත්තේ රුපියල් මිලියන 100 ක මුදලක් පමණක් බවද ඔහු කියා සිටියේය.
මෙරට ලක්ෂ 20 ත් 30 ත් අතර සුනඛ ගහනයක් එනම් සෑම මිනිසුන් අට දෙනෙකුටම එක සුනඛයකු ඇති බවට අනුමාන කරන බවත් ඔහු ප්‍රකාශ කරයි. සුනඛයන්ගේ ගැබ් ගැනීමේ කාලය මාස දෙකක පමණ අඩු කාලයක් නිසා මෙම සතුන් ගහනය පාලනයට රජයට විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.
අධික සුනඛ ගහනය නිසා ජල භීතිකාව, රිය අනතුරු ඇතුළු සමාජ ගැටලු විශාල ප්‍රමාණයක් පැනනැග තිබේ.