2025 වසරේ මුල් මාස හය ඇතුළත ස්වාධීන රූපවාහිනිය රු. මිලියන 77ක පාඩුවක් වාර්තා කර තිබේ.
මෙම පාඩු වාර්තා වන්නේ රජය ක්ලීන් ශ්‍රී ලංකා වැනි ප්රචාරක ව්‍යාපෘති සඳහා විශාල මුදලක් ස්වාධීන රූපවාහිනියට සහ ජාතික රූපවාහිනියට ලබා දෙන පසුබිමකය.
කෙසේ වුව ද පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමයේ දැවැන්ත ආර්ථික අර්බුදයකට පසුව එහි පසුකම්පන යටතේ වුව ද එතෙක් පාඩු ලබමින් පැවති ස්වාධීන රූපවාහිනිය එවක සභාපති සුදර්ශන ගුණවර්ධන යටතේ සියලු වියදම් පියවා මිලියන 3ක පමණ සුළු ලාභයක් ද ඉපයීමට සමත් විය.