සුදත්තගේ ප්‍රකාශය විවේචනය කිරීම අධිකරණයට කරන අපහාසයක්…! – නලින්ද ජයතිස්ස…

August 23, 2025 at 7:23 pm | by Namal

ඕනෑම අයකුට නඩු ක්‍රියාත්මක වන ආකාරය අනුව පුරෝකථන කිරීමේ හැකියාව ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පෙර රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමටත් පෙර ඔහු අත්අඩංගුවට ගන්නා බවට සුදත්ත තිලකසිරි ප්‍රකාශ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඇතැමුන් රනිල් වික්‍රමසිංහට ඇප ලැබෙනු ඇතැයි උපකල්පනය කරන්නට ඇති බව ද ඇතැමෙකු ඇප නොලැබෙනු ඇතැයි සිතන්නට ඇති බව ද නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද කිසිවෙකු සුදත්ත තිලකසිරිගේ ප්‍රකාශය අධිකරණයට බලපෑම් කළේ යැයි සඳහන් කරන්නේ නම් එය අධිකරණයට කළ අපහාසයක් බවත් ඊට එරෙහිව අධිකරණය කටයුතු කරනු ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *