සුගත් තිලකරත්න පාර්ලිමේන්තුවට එවන ලද්දේ තමන් සෙන්කෝලය උස්සගෙන දිව්වහොත් අල්ල ගැනීමට යැයි ෆේස්බුක්හි තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අමරසූරිය පවසයි.
සුගත් තිලකරත්නට දිවීමට හැකි වුව ද තමන් සෙන්කෝලය උස්ස ගෙන දිව්වහොත් පෙරළ ගැනීමට නොහැකි බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
කෙසේ වුව ද තමන්ට සෙන්කෝලය උස්සං දිවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් මෑත ඉතිහාසයේ ලෝකයේ හොඳම ආණ්ඩුව ජනතාව මාලිමාවට ලබා දී ඇති බවත් චාමර සම්පත් අමරසූරිය සඳහන් කරයි.
අද (03) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කීය.