සීසර්ලාගේ ප්‍රහාරයෙන් ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති මරුට!

June 11, 2020 at 8:59 am | by emanisa.lk

ජාතික ත‍්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද සුනිල් ජයවර්ධන (53) පහර දීමක් හේතුවෙන් මිය ගොස් ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්ත හේතුවෙන් රජය විසින් නියෝග කළ පරිදි වාහනවල කල්බදු වාරික අයකර ගැනීම කල් දැමිමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අදාළ සමාගමට විරුද්දව සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇත. මිරිහාන ප්‍රදේශයේ දී මෙම පහර දීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

අදාළ පහරදීමෙන් බරපතළ ලෙස තුවාල ලබා ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *