සීයට 33කින් අඩුකරන බව කී විදුලි බිල සීයට 12කින් වැඩි කිරීම ජනවරමට පිටුපෑමක්…! – සජිත්…

January 3, 2026 at 9:35 am | by emanisa.lk

ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින් විදුලි බිල අඩුකරනු වෙනුවට එය වැඩි කිරීමට යෝජනා කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි චෝදනා කරයි.

දිට්වා සුළි කුණාටුව නිසා ලක්ෂ ගණනින් ජනතාව අවතැන් වෙද්දි රජය 11.57%කින් විදුලි බිල වැඩි කිරීමට උත්සහ කරන බවට විපක්ෂ නායකවරයා චෝදනා කරයි.

වත්මන් රජය බලයට පත් වූයේ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා යන පොරොන්දු පත්‍රිකාව මත වුවත් මේ වන විට වත්මන් රජය පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා වෙනුවට දුප්පත් රටක් දුප්පත් ජිවිතයක් නිර්මාණය කිරීමට මුලපුරමින් සිටින බවයි විපක්ෂ නායකයා තව දුරටත් පවසන්නේ.

සෑම වේදිකාවකම පාහේ වත්මන් රජයේ සාමාජිකයන් එදා විපක්ෂයේ ක්‍රියාකාරීන් ලෙස රු. 9000 බිල 6000ත් රු. 3000 බිල රු. 2000 දක්වා 33%කින් විදුලි බිල අඩු කරන බව පැවසුවත් මොවුන් බලයට පත් වු පසු වේදිකාවේ වූ පොරොන්දු අමතක කර අද හෙටම 11.57%කින් විදුලි බිල වැඩි කරන්න සැලසුම් කරන බවත් මොවුන් ලැබූ ජන වරම අද පාවා දෙමින් යන බවත් හෙතෙම කියා සිටියි.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට පිළිගෙන ඔහුට ඡන්දය දුන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ කරපිටින් බලයට පැමිණ ජනතාව දුන් ජනවරම පාවා දෙන්නේ ඇයි ද යන්න තමන් ප්‍රශ්න කර සිටින බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ජනවරම මේ ආකාරයෙන් උල්ලංඝනය කරන රජයට විරුද්ධව පෙළ ගැසිය යුතු බවත් මෙවන් ජනතා විරෝධී ක්‍රියාවන් හරහා ජනතාවගේ කර පිට අසීමිත පීඩනයක් පැටවීම තර‌යේ හෙළා දකින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *