සිය පක්ෂයේ පිරිසකට නුවරඑළියෙන් අලියා ලකුණ යටතේ තරඟ කිරීමට අවස්ථාව ලබා දී තමන්ට එම අවස්ථාව අහිමි කළේ ඇයිද යන්න ගැටලුවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආශු මාරසිංහ පවසයි.
රනිල් වික්රමසිංහ එම තීන්දුවට එළඹීමට හේතුව පොහොට්ටුවෙන් පැමිණි පිරිස අලියා ලකුණ යටතේ තරඟ කිරීමට අකමැති වීම විය හැකි බවයි, ඔහු සඳහන් කළේ.
මේ වන විට අලියා සිලින්ඩරය තුළ සිටින බවත් තමන් අලියා එළියට ගැනීමේ සටනක නිරතව සිටින බවත් ආශු මාරසිංහ ප්රකාශ කරයි.
ජනාධිපතිවරණයේ දී රනිල් වික්රමසිංහ මහතාට ලැබුණු ඡන්ද ලක්ෂ 22න් ලක්ෂ 17ක් පමණ එජාප ඡන්ද බවත් මෙවර අලියා ලකුණ යටතේ තරඟ කළේ නම් ආසන 15ක් පමණ දිනාගත හැකිව තිබූ බව ද ඔහු පවසයි.