පසුගිය සමයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් සිලින්ඩරය සමග කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් ඊයේ (27) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී තිබේ.
ඒ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවසේ දීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජානක වක්කුඹුර ප්රකාශ කරන පරිදි ඒ සඳහා 20කට අධික හිටපු මැති ඇමතිවරුන් පිරිසක් එකතු වී තිබේ. තවත් පිරිසකට තවත් දින දෙකකට පසු ආරාධනා කර ඇති බව ද හෙතෙම ප්රකාශ කරයි.
එහි දී මහින්ද රාජපක්ෂ එම පිරිසට ආරාධනා කර ඇත්තේ ඔබ සියලු දෙනා එකතු වී ගොඩනැඟූ පොහොට්ටුව සමග එකතු වන ලෙසයි.