සිලින්ඩරයක් එල්ලා අස්වෙයි… රනිල් නැවත පාර්ලිමේන්තුවට…!

August 28, 2025 at 1:17 pm | by Namal

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත පාර්ලිමේන්තුවට පිවිසීමට ඉදිරියේදී අවස්ථාව ලබාදෙනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී. දොළවත්ත පවසයි.

ඔහු සඳහන් කළේ, නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු දෙදෙනා වන ෆයිසර් මුස්තාපා සහ රවී කරුණානායක යන දෙදෙනාගෙන් අයකු ඉල්ලා අස් වීමට නියමිත බවයි.

“සිලින්ඩරයට ඡන්ද ලක්ෂ 20ක් ලැබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාදුන් ඡන්ද තමයි. මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු 2ක් ලැබුණෙත් සිලින්ඩරයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වය ලබාදුන් නිසයි. ඔහු මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක්. ප්‍රජාතන්ත්‍රවාදයට නායකත්වය දුන් පුද්ගලයෙක්. මේක ඔහුට සුදුසුම වෙලාව පාර්ලිමේන්තුවට එන්න. දැන් පාර්ලිමේන්තුව ඉබාගාතේ යන්නේ. එතුමා පාර්ලිමේන්තුවේ සිටීම අවශ්‍යයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *