සිල් අරන් ගෙදර හිටි උප කුලපතිටයි පුතාටයි නෙමෙයි ගැහුවේ..! – හඳුන්නෙත්ති…

December 17, 2022 at 10:17 pm | by emanisa.lk

ජනතා විශ්වාසය ජනතා විමුක්ති පෙරමුණ වෙත යොමු වන විට බොහෝ දෙනා තැති ගෙන ඇතැයි ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

හඳුන්නෙත්ති පෙන්වා දෙන්නේ සමාජයේ සිදුවන සිදුවීම් විකෘති ලෙස වාර්තා කරමින් මාධ්‍යය ද ඊට අනුබල දෙන බවය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් එහි හිටපු උප කුලපතිට සහ පුතුට පහර දුන් බවට වන වාර්තා එවැනි විකෘතියක් බවයි, ඔහු සඳහන් කළේ.

උප කුලපතිගේ පුතා බීමත්ව සිටීම, රිය අනතුරක් සිදුකිරීම සිසුන්ට තර්ජනය කිරීම යටපත් කර, සිල් ගෙන නිවසට වී සිටි උප කුලපතිට සහ පුතුට පහර ජනිපෙ හෙඩ් ඔෆිස් එකෙන් පැමිණි පහර දුන් ආකාරයට මාධ්‍ය කතාවක් ගොතා ඇතැයි ද හඳුන්නෙත්ති චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *