සිරි දළදා වන්දනාව අවසන්… බැතිමතුන් ලක්ෂ 6ක් වැඳපුදා ගනිති….!

April 28, 2025 at 10:47 am | by emanisa.lk

මහනුවර දළදා මාළිගයේ දින දහයක් පුරා පැවැති සිරි දළදා වන්දනාව සැදැහැවතුන් ලක්ෂ හයක පිරිසකට වැඳපුදා ගැනීමට අවස්ථාව ලැබුණු අතර එම වන්දනා කටයුතු ඊයේ (27) පස්වරුවේ අවසන් විය.

වැඳ පුදා ගත් බැතිමතුන් අතර විවිධ ආබාධ සහිත දසදහසක් සහ මාළිගා පරිශ්‍රයේ විශේෂ වන්දනා පෝලිමෙහි හැට දහසකට ආසන්න පිරිසක් වන්දනා කළ බවට ගණනය කර ඇත.

ප්‍රවිෂ්ට මාර්ග තුනට අදාළව Clean kandy වැඩසටහන යටතේ මහනුවර නගරයේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ඊයේ පස්වරු හයට ආරම්භ විය. ඒ සඳහා සියලුම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ස්වෙච්ඡා සංවිධාන ද මහනුවර නගර වැසියන් ද සම්බන්ධ වන අතර එය අද (28) දිනය පුරාද ක්‍රියාත්මක වේ.

පෝලිම්වල රැඳී සිටි ජනතාව අතරින් හත්දෙනකු මියගොස් ඇති අතර පන්සිය හැටකට ආසන්න පිරිසක් මහනුවර ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා තිබිණි. දළදා වන්දනාව හේතුවෙන් වසා දැමූ පාසල් අතරින් 24 ක් අද විවෘත කෙරෙන අතර ඉතිරි පාසල් 37 හෙට (29) විවෘත කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ආචාර්ය එස්. බී. අබේකෝන් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *