සිරි දළදා වන්දනාවේ පෝලිම්වල ගහගත්තේ විපක්ෂේ බොරු බෞද්ධයෝ….! – ඇමති සමන්ත විද්‍යාරත්න…

April 30, 2025 at 8:59 am | by emanisa.lk

සිරි දළදා වන්දනාවේ පෝලිම්වල ගැටුම් නිර්මාණය කළේ විපක්‍ෂයේ පිරිස් බව ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි.

“බැතිමත්තු සාමාන්‍යයෙන් ඔය වගේ වන්දනාවකට යනකොට ඇත්ත බෞද්ධයෙක් නම් පෝලිමේ කෑ කෝ ගහන්නෙ, ගහගන්නෙ නෑ.

ඔය ඔක්කොම කරේ කවුද දන්නවද සජිත්ගේ ගෝලයෝ රාජපක්ෂ ගෝලයෝ වික්‍රමසිංහ ගෝලයෝ සුදු ඇඳලා පෝලිමේ තැනින් තැනට දැම්මා.

දාලා අර අහිංසක ජනතාව අතරට ගිලන් මත හැදුවා. අන්න අතනින් පන්සීයක් දැම්මා. මේ දැන් දැම්මේ. අතන වැසිකිලි නෑ.. අතන කුණු.

මේ ඔක්කෝම අවුල් කරන්න බැලුවා සුළු සුළු සිද්ධි ටිකක් ලොකු ලොකු සිද්ධි කරලා.”

ජාතික ජන බලවේග මැතිවරණ ප‍්‍රචාරක ජන හමුවක දී ඔහු මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *