මහනුවර දළදා මාලිගාවේදී ආරම්භ කෙරුණු සිරි දළදා වන්දනාව සඳහා අති විශාල ජනතාවක් මහනුවර නගරයට පැමිණෙමින් සිටී.
ඔවුන් නගරය තුල ඉදිකර ඇති කූඩාරම්වල රැය පහන් කරමින් පෝලිම්ගතව සිටී. ඇතැම් අවස්ථාවල පෝලිම් කිලෝමීටර් තුන හතර දක්වා දීර්ඝ වී ඇත.
දිනපතා දහවල් දොළහ සිට පස්වරු පහ දක්වා පැය පහක කාලයක් පමණක් එම බැතිමතුන්ට දළදා වහන්සේ වැඳපුදා ගැනීමේ අවස්ථාව ලැබෙයි.
මෙවර ප්‍රභූවරුන් සඳහා කිසිදු පෝලිමක් පිහිටුවා නැති අතර බැතිමතුන් සඳහා පෝලිම් තුනක් පිහිටුවා ඇත.
කෙසේ වෙතත් එහි කිසිදු පෝලිමක ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයක් ඇමතිවරයෙක් දැකගන්නට නොමැති බව වාර්තා වෙයි.