සිරිල් ගාමිණී පියතුමා රිය අනතුරකට අත්අඩංගුවට…! බේරගන්න කාදිනල්ගෙන් පොලිසියට ඇමතුම්…!

December 21, 2023 at 6:29 pm | by emanisa.lk

පසුගියදා කොටහේන ප්‍රදේශයේ දී සිරිල් ගාමිණී පියතුමා ධාවනය කළ රථය යතුරු පැදියක ගැටී අනතුරක් වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

එහි දී යතුරු පැදිකරු තුවාල ලබා රෝහල්ගත කළ අතර සිරිල් ගාමිණී පියතුමා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

මේ අවස්ථාවේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාගේ සමීපතමයෙකු එවක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අමතා උදව් ඉල්ලා ඇතැයි ද හෙතෙම අනාවරණය කරයි.

විමර්ශනවලින් අනතුරුව සිරිල් ගාමිණී පියතුමාට ඇප ලැබුණු අතර පසුදා උදෑසන සිරිල් ගාමිණී පියතුමා දේශබන්දු තෙන්නකෝන් අමතා ස්තූතිය ප්‍රකාශ කළ බව ද ඇමැති ටිරාන් අලස් ප්‍රකාශ කරයි.

යම් ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවල මෙලෙස හැසිරෙන අය ම පසුව තමන් කිසිම අවස්ථාවක පොලිසියට කතා නොකළ අයුරින් හැසිරෙන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලයේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැති අලස් මේ බව ප්‍රකාශ කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *