සෞදියේ සිර දඬුවමට ලක්ව සිටින අනෝජන් සිවරාසාට මරණ දඬුවම ලැබී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වැරදි ක්‍රියා මාර්ග නිසා බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
සිය වරද පිළිගත් නිසා අනෝජන්ට වසර පහක සිරදඬුවමක් සහ රුපියල් කෝටි 27ක පමණ දඩයක් පනවා නඩුව අවසාන කළ අවස්ථාවේ එම නඩුවට අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවද ඔහු පෙන්වා දෙයි.
එම අවස්ථාවේ කළ යුතුව තිබුණේ රාජතාන්ත්‍රිකව සෞදි රජතුමා අමතා සමාව ඉල්ලා සිටිනු වෙනුවට නඩුවට අභියාචනා ගොනු කිරීම නිසා එම තරුණයාට මරණ දඬුවම හිමිව ඇති බවද මේ සඳහා ඔහුගේ පවුලෙන් රු. ලක්ෂ 27ක මුදලක් ලබා ගැනීමට රජය කටයුතු කර ඇති බවටද මුජිබර් රහුමාන් චෝදනා කරයි.
මේ අවස්ථාවේ කළ යුත්තේ නි. කතානායක රිස්වි සාලි ප්රමුඛ දූත මණ්ඩලයක් සෞදියට යැවීම නොව ජනාධිපතිවරයාට නොහැකි නම් අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් වහාම දූත පිරිසක් එරටට යවා සෞදි රජු මාර්ගයෙන් තරුණයා බේරා ගැනීම බවද ඔහු පෙන්වා දෙයි.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ මේ ආකාරයටම සෞදියේ සේවය කළ කතුන් තිදෙනෙකුට මරණ දඬුවම නියම වූ අවස්ථාවේ තලතා අතුකෝරළ, මංගල සමරවීර ආදී ඇමතිවරුන් ඉතාම බුද්ධිමත් ලෙස රාජතාන්ත්‍රිකව කටයුතු කරමින් ඔවුන් මරණ දණ්ඩනයෙන් ගලවා ගත් බවද මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේන්තුව අමතමිණි.