සියයට තිහේ ඇමරිකානු බද්ද ශ්‍රී ලංකාවේ අපනයනවලට ඉතාම අහිතකරයි…! – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ…

July 10, 2025 at 8:24 pm | by emanisa.lk

ඇමරිකාව විසින් පනවා ඇති 30%ක නව තීරු බදු අනුපාතය ශ්‍රී ලංකාවේ අපනයනයට ඉතාමත් අහිතකර ලෙස බලපාන බව කොළඹ විශ්වවිද්‍යාලය ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සඳහන් කරයි.

“ලංකවේ අපනයනය කෙරෙහි මේ තත්ත්වය ඉතාමත් අහිතකර විදිහට බලපානවා කරුණු කීපයක් හේතුවෙන්.

පළවෙනි කාරණාව තමයි ලංකාව තරගකාරිව අපනයන කටයුතුවල නිරත වියට්නාමය වැනි රටවලට, ලංකාවට වඩා අඩු තිරුබදු ප්‍රතිශතයක් ලංකාවේ භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම පහත හෙළීමට බලපානවා.

දෙවන කාරණාව තමයි මෙවැනි ඉහළ තීරු බද නැංවීම උඩ ඇමෙරිකානු වෙළඳපළේ භාණ්ඩ මිල ඉහළ යෑමත් එක්ක ඒ හරහා ඇති වෙන උද්ධමන තත්ත්වය පාරිභෝකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය පහළ යෑමට හේතු වීම. එයත් ලංකාවේ රටවල් වල විශේෂයෙන්ම ඇඟළුම් වැනි භාණ්ඩවලට තියෙන ඉල්ලුම පහත යාමට හේතු වෙනවා.

සමස්තයක් විදිහට ගත්තහම මේ තුළින් ප්‍රකාශ වෙන කාරණාව තමයි ලංකාවේ අපනයන කෙරෙහි අහිතකර තත්වයක් ඉදිරියේදී ඇතිවීමට නියමිත බව.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *