ඉන්ධනහල් සඳහා මෙතෙක් ලබාදුන් සියයට 03% ක් කොමිස් මුදල කපා හැරීමට හඳුන්වාදී තිබෙන මිල සමීකරණයට එරෙහිව රට පුරා සිපෙට්කෝ ඉන්ධනහල් 700ක ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර ඇත.
රට පුරා ඉන්ධනහල් 1,400ක් පමණ තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධනහල්වලට පමණක් නව මිල සමීකරණය බලපාන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත දැනට සිපෙට්කෝ ඉන්ධනහල්වලට ගෙවන කොමිස් මුදල් අඩු කරන බව ද ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව දිවා රාත්‍රි ක්‍රියාත්මක ඉන්ධනහල් රාත්‍රි කාලයේ වසා දැමීමටත්, බැංකු ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්වලට තෙල් නිකුත් නොකිරීමටත්, සේවකයන් සියයට 50% කින් අඩු කිරීමටත්, රාජ්‍ය ආයතනවලට ණයට ඉන්ධන ලබාදීම නතර කර දැමීමට ඉන්ධනහල් හිමියන් තීරණය කර ඇත.