සිනොපෙක් සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදා සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සිනොපෙක් සමාගම සැප්තැම්බර් මස සිට එම සමාගමේ වෙළෙඳ නාමය යටතේ ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කරනු ඇත.
මේ වන විට ඒ සඳහා ඉන්ධන පිරවුම්හල් හිමියන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් කරන බවත් අමාත්‍ය විජේසේකර වැඩි දුරටත් කීය.