සිදුවූ විපතින් මාලිමා මන්ත්‍රිනිය දැඩි කම්පනයක… නීතියට හිස නමමින් ඉල්ලා අස්වෙයි…!

November 6, 2025 at 7:14 pm | by emanisa.lk

සැමියා සහ පුත්‍රයා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී දිස්නා නිරංජලා කුමාරි සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා මුළු අවධානය යොමු කර ඇති මෙවැනි මොහොතක ඇතිවූ මෙම සිදුවීම සම්බන්ධව ඈ දැඩි කම්පනයකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අදාළ සිදුවීමට අදාළව නීතිමය කටයුතු සඳහා සහායදීමක් ලෙසද, රටෙහි යහපත් දේශපාලන සංස්‍කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙනයන වැඩපිළිවෙළට සහයක් ලෙස ද සලකා ඈ මෙලෙස මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව ඈ විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වන විටත් යොමු කර ඇති අතර එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා වෙතද යොමුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *