රුපියල් බිලියන 10ක් නැතැයි කියමින් පළාත් පාලන ඡන්දය නොපැවැත්වූ ආණ්ඩුව පසුගිය මාස පහට රුපියල් බිලියන 230ක ආහාර පිටරටින් ගෙනවිත් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
අද සිගරට් බොන මිනිහා බීඩි බොන තත්ත්වයට පත්වී තිබෙන බවත් මෙයින් පේන්නේ රටේ ජීවන තත්ත්වය පහළ ගිය ආකාරය යැයි ද කී සරත් ෆොන්සේකා, රටේ බීඩි බොන ප්‍රමාණය සියයට 100කින් වැඩි වී තිබෙන බව කීය.
රජයේ කිසිම කෙනෙකුට යා යුතු මාර්ගය පිළිබඳ අවබෝධයක් නැතැයි ද මේ අය හැදෙන පාටක් පෙනෙන්නේ නැතැයි ද කී සරත් ෆොන්සේකා බීඩි ඔතන්නට ඉන්දියාවෙන් ගෙනෙන කොලයෙන් පවා වංචා දූෂණ සිදු වෙමින් පවතින බව සඳහන් කළේය.