සිංහල බෞද්ධයෝ චූන් කරන්න සාලි අත්අඩංගුවට ගත්තා….! පූජකයෙක් චූන් කරන්න බදියුදීන්ලා අත්අඩංගුවට ගත්තා…! – රාජිත….

April 27, 2021 at 10:31 pm | by emanisa.lk

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක පාස්කු ප්‍රහාරයේ දී මරා ගෙන මැරුණු සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රකාශ කළ මුල් ම පුද්ගලයා අසාද් සාලි බව රාජිත සේනාරත්න පවසයි.

එහෙත් ආර්ථික ප්‍රශ්න, වංචා දූෂණ, කොවීඩ් අර්බුදය, එන්නත්කරණය අසාර්ථක වීම හමුවේ අසරණ වී ඇති ආණ්ඩුව සිංහල බෞද්ධයින් චූන් කිරීම සඳහා අසාද් සාලි අත්අඩංගුවට ගත් බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එසේ ම රිෂාඩ් බදියුදීන්ගේ නිවසට රාත්‍රී කඩාපැන මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පවා කඩමින් ඔහු අත්අඩංගුවට ගත් බවට ද ඔහු ආණ්ඩුවට චෝදනා කරයි.

රිෂාඩ් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගත්තේ එක්තරා පූජකයෙකු සතුටු කිරීමට බවත් ඔවුන් වරදක් නොකළ බව ජනපති අගමැති මෙන් ම බැසිල් රාජපක්ෂ ද දන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ වන විට ආණ්ඩුව හරීන් ප්‍රනාන්දු දෙසට හැරී ඇති බවත් මෙලෙස විපක්ෂය මර්දනය කළ පමණින් කොවිඩ් වසංගතය සඳහා පිළිතුරු නොලැබෙන බවත් රාජිත සේනාරත්න අවධාරණය කරයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් අද (27) ඔහු මේ බව ප්‍රකාශ කළේය.ජ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස