ශ්‍රී ලංකා රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කළ සීවලී අරුක්ගොඩ මෑතකදී සිදු කළ බහාලුම් වංචාවකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් චෝදනා කරයි.
මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ ආන්දෝලනාත්මක රතු ලේබල් බහාලුම් නිකුත් කිරීමේ සිද්ධිය විමර්ශනය කළ කමිටුව විසින් සීවලී අරුක්ගොඩට ද චෝදනා එල්ල වී ඇති බවයි.
නිල විමර්ශනයකින් චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට මෙවැනි ඉහළ තනතුරක් ලබා දෙන්නේ කෙසේදැයි යැයි ප්‍රශ්න කළ මුජිබර් රහ්මාන්, සීවලී අරුක්ගොඩට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගත්තේ ඇයි දැයි ප්‍රශ්න කරයි.
මෙම පත්වීම සම්බන්ධයෙන් විනිවිදභාවය සහ වගවීම ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, පත්වීම නැවත සලකා බලන ලෙසත්, පරීක්ෂණයේ සොයාගැනීම් සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසත් රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.