මේ වන විට රජයේ රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 862 අතරනි 218ක් නොමැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න පවසයි.
“අද උදේ වෛද්‍ය කාවින්ද ජයවර්ධන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවාදය ආරම්භ කරමින් කිව්වා, ලංකාවේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ 131 ක් අඩුයි, .වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ වර්ග 218 ක් හිඟයි කියලා. එතුමා ඒ දත්ත අරගෙන තිබුනේ ඊයේ.
අද (නොවැම්බර් 22) උදේ 11.46 වන විට ලංකාවේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ 160 ක් අඩුයි.
වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ වර්ග 218 ක් හිඟයි. මම ලැයිස්තුව සභාගත කරනවා.
ඒ කියන්නේ, එක දවසක් තුල රෝහල්වල තිබිය යුතු ඖෂධ වර්ග 29 ක් අඩු වෙලා තියෙනවා.
තේරෙන සිංහලෙන් කිව්වොත් අද, අත්‍යවශ්‍ය ඖෂධ 862 න් 218 අද නෑ. ලෙඩ්ඩුන්ට අවශ්‍ය සෑම බෙහෙත් වර්ග හතරකින් එකක් නෑ! බෙහෙත්වලින් 25% ක් නෑ! මෙන්න සැප විදින මාස 13 ට ලංකාවේ සෞඛ්‍ය සේවයට සිදු කරලා තියෙන වින්නැහිය.
මාතලේ, පොලොන්නරුව, අනුරාධපුර, මහියංගනය, මොණරාගල කුරුණෑගල ලොකුම ප්‍රහ්නය තමයි වකුගඩු රෝග සඳහා රුධිර කාන්දුකරණය ඩයලසීන් කරන එක අද ඩයලසීස් කිට් එක නෑ.
ඩයලසීස් පෙන් එක නෑ. ඩයලසීස් නීඩ්ල් එක නෑ. කොටින්ම ඩයලසීස් නෑ!එන්සියුලීන් නෑ. ජීවිතයට වැදගත්ම බෙහෙත් වර්ග නෑ. මේ මොන හිඟන වෛද්‍ය සේවයක් ද?
නියෝජ්‍ය ඇමතිතුමා, මම ගිය සැරේ අය වැයේ දී බෙහෙත් නෑ කිව්වාම ඔයා පැනලා බෙහෙත් තියෙනවා කිව්වා. ඊට දවස් කිහිපයකට පස්සේ මම දුන්න ලැයිස්තුවම නැති බෙහෙත් වර්ග කියලා එළියට දැම්මා. නොදන්න දේවල් කියන්න එපා.”
ඊයේ (22) අයවැය විවාදයට එකතු වෙමින් රෝහිණී විජේරත්න මේ බව ප්‍රකාශ කළාය.