මේ වන විට ලෝකයම ලංකාව වංචාවෙන් දූෂණයෙන් තොර රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
වංචාවෙන් දූෂණයෙන් පිරුණු රාජ්‍යයකට වංචා දූෂණ නැති රාජ්‍යයක් යන ගෞරවය ලැබීම ම ප්‍රමාණවත් බවත් එය පුරවැසියන්ට ද විශාල ගෞරවයක් බවත් ලේකම්වරයා පෙන්වා දෙයි.
මේ නිසා චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව ආදී සියලු ම රටවල් ලංකාවට ආයෝජන එවීමට එකඟ වූ බවයි, ටිල්වින් සිල්වා අනාවරණය කළේ.
එහෙත් විවේචකයන් රටට සිදු කරන යහපත වෙනුවට සුළු සුළු අඩුපාඩු දකිමින් ආණ්ඩුව විවේචනය කරන බවට ද ඔහු චෝදනා කරයි.
රටට විශාල වාසි අත් වූ ජනාධිපතිවරයාගේ සාර්ථක චීන සංචාරය ගැන අවසානයේ එම විවේචකයන් කතා කළේ ජනාධිපතිවරයාගේ කෝට් එක පිළිබඳ බව ද ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.
කොළඹ පැවැති උත්සව අවස්ථාවක දේශනයක් කරමින් හෙතෙම මේ බව කීය.