ස්ටාලින්ට ඇප ගන්න පෙනී ඉන්නවා..! – සමන් රත්නප්‍රිය..

August 4, 2022 at 6:51 am | by emanisa.lk

ඊයේ (03) අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්ට පොලිස් ඇප ලබා දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.

ඔහු සඳහන් කළේ, තමන් මැදිහත් වී එම පියවර ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්වත් කර ඇති බවත් ය.

ස්ටාලින්ට මේ මොහොතේ පොලිස් ඇප ලබා දී, වරදක් සිදු වී ඇත්නම් අධිකරණය වෙත ඉදිපත් කර ඒ මාර්ගයෙන් දඬුවම් දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන් දැනුම්වත් කළ බව ද රත්නප්‍රිය පැවසීය.

රත්නප්‍රිය මහතා අවධාරණය කළේ, ස්ටාලින් වෙනුවෙන් ඕනෑ ම අවස්ථාවක ජනාධිපතිවරයා ඉදිරියේ පෙනී සිටින බව ය.

මැයි 28 වන දා ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජෝසෆ් ස්ටාලින් ඊයේ පස්වරුවේ කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *