සහල් හිගයක් ඇති වුණොත් ආණ්ඩුවට විකල්ප තියෙනවා…! – ඇමති නලින්ද ජයතිස්ස…

July 24, 2025 at 1:34 pm | by emanisa.lk

කෘෂි කර්මාන්තය නගා සිටුවීමත් මෙරට ජනතාවගේ ආහාර අවශ්‍යතාව දේශීය ගොවි ජනතාවගෙන් සම්පූර්ණ කර ගැනීම රජයේ බලාපොරොත්තු බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

රටේ යම් කිසි සහල් හිඟයක් ඇති වූ විට එයට විකල්ප අනුගමනය කිරීම රජයේ වගකීම බවත්, එයට විකල්පයක් ලෙස සහල් ආනයනය කිරීම කළ යුතු බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එය දීර්ඝ කාලීනව එලෙස සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව ද පෙන්වා දුන්නේය.

ඇතැම් කන්නවලදී සමහර වීවල හිඟයක් පවතින බවත්, ගංවතුර වැනි ස්වභාවීක ආපදා හේතූන්මත වී අස්වැන්න අඩු වන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා එවැනි අවස්ථාවලදී අස්වැන්න අඩුවන බව පෙන්වා දුන්නේය.

රජය කෘෂී කර්මාන්තය සඳහා නගා සිටුවීම සඳහා විවිධ සහන ලබාදී ඇති බවත්, ඉදිරියේදි ඊට නිසි විසඳුමක් ලබා ගත හැකි බවට විස්වාසක් ඇතැයිද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේද පැවසීය.
“අප පොහොර සහනාධාර ලබා දෙනවා.කෘෂිකර්මාන්තයේ වාරිමාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශාල මුදලක් වෙන් කර තිබෙනවා මෙම වසරේ පමණක් රුපියල් කෝටි 7800ක් වාරි මාර්ග ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වෙන් කර තිබෙනවා. රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීමේදී සහනයක් ලබා දීෙ තිබෙනවා.වී මිලදි ගැනීම සඳහා සහතික මිගක් නියම කරලා ඒ සඳහා කටයුතු කරමින් ඉනනවා”.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *