සහල් ආනයනය සඳහා ලබා දුන් කාලය අද (10) රාත්රී 12ට අවසන් වන බව ශ්රී ලංකා රේගුව පවසයි.
මෙම කාලය තුළ පෞද්ගලික අංශය සහල් මෙට්රික් ටොන් 149 000ක් ආනයනය කර තිබේ.
සතොස සහ රාජ්ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ගෙන්වා ඇති සහල් ප්රමාණය ටොන් 4900ක් ආනයනය කර ඇති අතර ඇනවුම් කළ සහල් ටොන් 26300ක් තවමත් දිවයිනට ළඟා වී නැත.
එම සහල් තොග මෙරටට ලබා ගැනීම පිළිබඳ රජය සමග සාකච්ඡා කොට තීන්දුවක් ගන්නා බව ශ්රී ලංකා රේගුව සඳහන් කරයි.