පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වන බව සහරාන්ලා දන්නවා නම් ඔවුන් මැරෙන්නේ ගෝඨාභය රාජපක්ෂව බදාගෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඔහු ඒ බැව් කියා සිටියේ EPF/ETF ජනතා අරමුදල් මංකොල්ලකමින්, මුල්‍ය ආයතන අවධානමේ දමමින්, ජාතික සම්පත් වෙන්දේසි කරමින්, ජනතාවට තව දුරටත් අර්බුධයක ගිල්වා තබන ආණ්ඩුවේ සැලැස්ම යන මැයෙන් ගිනිගත්හේන සමුපකාර රැස්විම් ශාලාවේ පැවති සම්මන්ත්‍රණය අමතමණි.
“නාමල් රාජපක්ෂයට ජනතාවගේ ප්‍රශ්න ගැටළුවක් නෑ, සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නැ, පාර්ලිමේන්තුවේ ඉන්න අපේ ජාතික ජන බලවේගයේ තුන්දෙනාට ඇරෙන්න කාටවත් ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ප්‍රශ්න නෑ.
මෛත්‍රිපාල බලන්නකෝ රූපවාහිනියට ආවම දෙන ජොක්ස්, එයාලගේ පක්ෂ ගැටළු ගැන තමයි කතා කරන්නේ, රටේ ආර්ථිකය, ආහාර ගැටළු, ඖෂධ ගැටළු ඒවා ගැන කතා කරන්නේ නෑ.
මේ දවස්වල චැනල් ෆෝ එක ගෙනල්ලා අනිත් චැනල් වහලා, බඩු මිල චැනල් නෑ, ඉන්ධන චැනල් නෑ, බස් ගාස්තු චැනල් නෑ, මිනිස්සුන්ගේ ගැටළු ගැන කතා කරන්නේ නෑ, වෘත්තිකයෝ රට දලා යන එක ගැන කතා කරන්නේ නෑ.
චැනල් ෆෝ අල්ලගෙන දේශපාලන වශයෙන් එල්ලෙනවා, නාමල් රාජපක්ෂලාට එහෙම ඒවට හොඳ පිළිතුරු තියෙනවා, ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන්න කවුරු හරි මාරාගෙන මැරෙයි ද අහනවා.
ඒ මැරුණ උන් දන්නවා නම් වුන් මැරුණු එකෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට ආවා කියල, උන් තනියම මැරෙන්නේ නෑ. උන් මැරෙන්නේ ගෝඨාභය රාජපක්ෂ බදාගෙන. එහෙනම් රටට සෙතකුත් කරලා මැරෙන්නේ, ඒවා තමයි දේශපාලන උපක්‍රම කියන්නේ, දේශපාලන ගේම්, දේශපාලන ගේම් ගහලා පුරාජේරුත් කියනවා.
එහෙම ජරා රටක් දැන් මේක, බලයට එන්න ජාති භේද ඇති කරලා, මජර දේශපාලනය භාවිත කරලා, අඩු තරමේ ඒවා ගැන කිසිම කනගාටුවක් නෑ, ලැජ්ජාවක් නෑ, හෘද සාක්ෂියක් නෑ, ඒවා දිහා බලාගෙන හිනා වෙවි බලයේ ඉන්නවා අපුරුවට. නවත්වන්න ඕනි නැද්ද මේ රට යන විදිහ, ඉස්සෙල්ලම මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන.”