ජනතාවට පොදුවේ සහන සැලසෙන රටක් නිර්මාණය කර ගැනීම සඳහා සියලු දෙනාම වසර දෙක තුනක් එක ලෙස කැපවීමෙන් වැඩ කළ යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
“පළමු වතාවට මහ ජනයාගේ මුදල් ශතයක් නාස්ති නොකරන ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. ප්‍රාදේශීය දේශපාලනයත් අලුත් විදියට වෙනස් කළ යුත්තේ ඒ නිසයි. කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු පාලකයන් සිටිය රටක්. ආර්ථිකයෙන් මෙතරම් ප්‍රපාතයට වැටෙන්න වංචාව, දූෂණය හා නාස්තිය බලපෑවා.
පළමු වතාවට වංචා –දූෂණ, නාස්තියෙන් තොර මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණය වෙලා තිබෙනවා. එනිසා වංචාව දූෂණයෙන් තොර ප්‍රාදේශීය දේශපාලන අධිකාරියක් සකස් කිරීම අවශ්‍යයි. මේ වෙනස ඇති කරන්න ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව, ප්‍රාදේශීය සභා, නගර සභා සියල්ල එකට එකතු වී වැඩ කළ යුතු වෙනවා.
එනිසා මෙම පරිවර්තන ඇති කිරීමට අපි සියලුදෙනා පොර බැදිය යුතුයි. පොදුවේ පුරවැසියන්ට සහන සැලසෙන රටක් අප නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා අප සියලු දෙනාම වසර දෙක තුනක් එක ලෙස කැපවීමෙන් වැඩ කළ යුතුයි.”
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජන රැලියක් අමතමිනි.