සල්ලි හොයන්න ගෙදර ගණික නිවාසයක් දා ගනිං..! බුදු දහමට අපහාස කිරීම නවතනු..! නැත්නම් මම හොයා ගෙන එනවා..! – මර්වින් සන්නස්ගලට දැනුම් දෙයි…

January 20, 2023 at 8:55 am | by emanisa.lk

උපුල් ශාන්ත සන්නස්ගල දිගින් දිගට ම බුදු දහමට ගරහමින් ඇතැයි හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා පවසයි.

සිය මිතුරෙකු වන සන්නස්ගලට මෙය නින්දිත ක්‍රියාව වහා ම නවත්වන ලෙස කරුණාවෙන් දැනුම් දෙන බවයි, ඔහු සඳහන් කළේ.

ඩොලර් උපයා ගැනීමට බුදු දහමට නින්දා කළ සේපාල් අමරසිංහ මේ වන විට සිර අඩස්සියේ බව ප්‍රකාශ කළ ආචාර්ය සිල්වා, අලුත් නීති සම්පාදනය කොට හෝ ආගම්වලට ගරහන පිරිස් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා දඬුවම් කළ යුතු බව අවධාරණය කළේය.

ඒ සඳහා රජය මැදිහත් නොවන්නේ නම් තමන්ට පාරට බැස අදාළ පුද්ගලයින් සොයා යෑමට සිදුවන බව ද ආචාර්ය මර්වින් සිල්වා ප්‍රකාශ කළේය.

ජීවත් වන්නට විදිහක් නැති නිසා ඩොලර් සොයන්නට බුදු දහමට ගැරහීමට වඩා සිය නිවෙස්වල ගණිකා නිවාසයක් ආරම්භ කිරීම නම්බුකාර බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *