සර්වජන බලය සන්ධානයේ “එක්ව නංවන රටක් සතුට පිරුණු දැයක්” උපායමාර්ගික සැලැස්මේ පළමු කෙටුම්පත ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් වෙත පිළිගැන්වීම අද (13) අස්ගිරි මහා විහාරයේ දී සිදුවිය.
මෙම අවස්ථාවට සර්වජන සන්ධානය නියෝජනය කරමින් දිලිත් ජයවීර, ගෙවිඳු කුමාරතුංග, චන්න ජයසුමන ඇතුළු පිරිසක් එකතු වූහ.
අනතුරුව එම කෙටුම්පත අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන් වෙත පිළිගැන්වීමට ද කටයුතු කෙරිණි.