සමෘද්ධි නිලධාරීන් රාජකාරි වෙලාවේ මාලිමා ජන රැලියක….!

September 12, 2024 at 6:30 pm | by emanisa.lk

මහනුවර දිස්ත්‍රික් සමෘද්ධි කළමනාකරුවන් පිරිසක් රාජකාරි වේලාව තුළ ජාතික ජනබලවේගයට සම්බන්ධ දේශපාලන රැස්වීමට සහභාගි වීම සම්බන්ධයෙන් මහනුවර මැතිවරණ කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

බැහැර යාමේ ලේඛනවල කෘෂිකර්ම කමිටු, ණය විමසීම, ආයෝජන කටයුතු පිළිබඳ සොයා බැලීම වැනි කරුණු සඳහන් කර ඇතැම් සමෘද්ධි කළමනාකරුවන් අදාළ රැස්වීමට ගොස් තිබෙන බව මහනුවර මැතිවරණ කාර්යාලය පවසයි.

රැස්වීමට සහභාගි වී සිටි ඇතැම් සමෘද්ධි කළමනාකරුවන් මැතිවරණ රාජකාරි සඳහා ඉල්ලුම් කර ඇතැයි ද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කර වාර්තාවක් ලබා ගැනීමට මහනුවර මැතිවරණ කාර්යාලය පියවර ගෙන තිබේ. මෙම රැස්වීම මහනුවර වේල්ස්පාක් ප්‍රදේශයේ පිහිටි හෝටලයක පවත්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *