සමාජ මාධ්‍යවල බුදු දහමට අපහාස කළ චීවරධාරියා රිමාන්ඩ්…!

December 13, 2023 at 7:01 pm | by emanisa.lk

විශ්ව බුද්ධ නමින් හඳුන්වාගනිමින් බුදුදහමට පහාස වන අයුරින් සමාජ මාධ්‍යයේ හැසිරුණු චීවරධාරියා එළඹෙන 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (12) අත්අඩංගුවට ගත්තේ එහි පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකට පසුවය.

රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි මෙම චීවරධාරියා කලගෙඩිහේන ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ලක සිටියදී අත්අඩංගුවට පත්විය.

අනතුරුව එම චීවරධාරියා අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *